පාපන්දු ක්‍රීඩකයින්ට තරඟ තහනමක්



කුවේට් රාජ්‍යයේ පසුගියදා පැවති ගල්ෆ් කුසලාන අවසන් පාපන්දු තරඟයේ විනය විරෝධි ආකාරයෙන් හැසිරුණු එක්සත් අරාබි එමිරේට්ස් ජාතික පාපන්දු  කණ්ඩායමේ ක්‍රීඩකයින් දෙදෙනෙකුට දඩ සහ තරඟ තහනමක් පැනවීමට එමිරේට්ස් පාපන්දු සංගමයේ විනය කමිටුව පියවර ගෙන ඇති බව ජි.ඩි.එන් ඔන්ලයින් වෙබ් අඩවිය වාර්තා කළේය.

ඕමාර් අබ්දුල් රහමන් සහ අලි මොක්වුට්ට යන ක්‍රීඩකයින් දෙදෙනාට එමිරේට්ස් ඩිරාම් 50,000 බැගින් දඩ මුදලක් සහ තරඟ හතරක තරඟ තහනමක් පැනවීමටවිනය කමිටුවේ තීරණය කර ඇත.

මොහොමඩ් ෆවුසි ක්‍රීඩකයාට අවවාද කර එමිරේට්ස් ඩිරාම් 40,000 ක දඩ මුදලක් විනය කමිටුව නි‍යම කර ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින් පුවත් ඇසුරෙනි)


RECOMMEND POSTS