පානීය ජලය බෝතල් කිරිමේ කර්මාන්ත ශාලාවක් වසා දැමේ



ඕමානයේ ගිනිකොන දිග පළාතේ පිහිටි ආණ්ඩුකාර ප්‍රදේශයක පිහිටා ඇති පානීය ජලය බෝතල් කිරිමේ ශාලාවක් සෞඛ්‍යාරක්ෂිත ප්‍රමිතීන් අනුගමනය නොකිරීම හේතුවෙන් වසා දැමීමට සෞඛ්‍ය බලධාරීන් පියවර ගෙන ඇති බව ඕමාන් ඩේලි ඔබ්සවර් පුවත්පත වාර්තා කළේය.

අදාල කර්මාන්ත ශාලාව පරීක්ෂා කිරිමේදි ශරීර සෞඛ්‍යට අහිතකර ආකාරයෙන් බෝතල් කර ඇසුරුම් කරන ලද මිලිලීටර් 200 වතුර බෝතල් 8,160ක් රාජ සන්තක කර විනාශ කර දැමීමට සෞඛ්‍ය බලධාරීන් පියවර ගත්තේය. 

පරීක්ෂණ කටයුතු අවසන් වන තෙක් අදාල කර්මාන්ත ශාලාව වසා දැමීමට සෞඛ්‍ය බලධාරීන් තීරණය කර ඇති බව ජි.ඩි.එන් ඔන්ලයින් වෙබ් අඩවිය වාර්තා කළේය.     

 

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින් පුවත් ඇසුරෙනි)

 

 


RECOMMEND POSTS