පාකිස්තානයේ සූෆි මුස්ලිම් පල්ලියකට බෝම්බ ප්‍රහාරයක්: 70 ක් මරුට



පාකිස්තානයේ කරච්චි නුවර සූෆි මුස්ලිම් පල්ලියකට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ලවීමෙන්, සූෆි මුස්ලිම් බැතිමත්හු 70 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලබා රෝහල් ගත කළ ගණන 150 කට වැඩිය.

තුවාලකරුවන් කිහිප දෙනකුගේ තත්ත්වය බරපතල බවත් මරණ සංඛ්‍යාව තව තවත් ඉහළ යා හැකි බවත් කරච්චි පොලිසිය පවසයි. බෝම්බ ප්‍රහාරය එල්ල වූයේ කරච්චි නුවර සින්ද් පළාතේ ෂෙවාන් නුවර පිහිටි සූෆි මුස්ලිම් පල්ලියටය.

පාකිස්තාන අගමැති නවාෂ් ෂරීෆ් බෝම්බ ප්‍රහාරය හෙළා දකිමින් විශේෂ ප්‍රකාශයක් නිකුත් කළේය. ප්‍රහාරයේ වගකීම අයි.එස්.අයි.එස්. ත්‍රස්තවාදීන් විසින් බාර ගනු ලැබ ඇතැයි ද වාර්තා වේ.

 

(එන්.ඩී.ටීවී)


RECOMMEND POSTS