පාකිස්තානය සෞදිය අතර අර්බුදයක්



පාකිස්තානයත් සෞදි අරාබියත් අතර අර්බුදයක් හටගෙන තිබේ. ඒ, පාකිස්තාන විදේශ ඇමැතිවරයා සෞදිය විවේචනය කරමින් කළ ප්‍රකාශයක් මුල්කොට ගනිමිනි.

පාකිස්තාන විදේශ ඇමැති ෂා මොහොද් කුරේෂි පසුගිය දා සෞදි අරාබියට දොස් කීවේය. ඒ, කාශ්මීර අර්බුදයේ දී පාකිස්තානයට සහාය පළ නොකර නිහඬව සිටීම සම්බන්ධයෙනි.

පාකිස්තාන විදේශ ඇමැති කුරේෂි, ප්‍රසිද්ධියේ සෞදිය විවේදනය කළේ රූපවාහිනී සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමිනි. කාශ්මීර අර්බුදය සම්බන්ධයෙන්, පාකිස්තානය සෞදියේ සහාය අපේක්ෂා කරන නමුත්, පාකිස්තානය අපේක්ෂා කරන ආකාරයට සෞදියේ සහාය පාකිස්තානයට හිමි නොවෙයි.

රියාද්හිදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS