ප්‍රහාරවලට එළදෙනුන් යොදාගෙන



අයි.එස් ත්‍රස්තවාදීන් ආරක්ෂක අංශ සාමාජිකයන්ට ප්‍රහාර එල්ල කිරීම සඳහා එළදෙනුන් යොදා ගෙන ඇති බව වාර්තා වේ.

අයි.එස් ත්‍රස්ත සංවිධානයේ මරාගෙන මැරෙන බෝම්බකරුවන් දිනෙන් දින අඩුවීම සහ තරුණයන් මරාගෙන මැරෙන ප්‍රහාර සඳහා පුහුණු කරගැනීමට නොහැකිවීම හේතුවෙන් අසරණ සතුන් මරාගෙන මැරෙන ප්‍රහාරවලට යොදාගැනීමට ත්‍රස්තවාදීන් කටයුතු කරමින් සිටින බව හමුදාආරංචි මාර්ග සඳහන් කරයි.

නැගෙනහිර ඉරාකයේ ඩියාලා පලාතේ ඉරාක ආරක්ෂක අංශ දෙසට පුපුරණ ද්‍රව්‍ය පුරවා ගත්එළදෙනුන් දෙදෙනෙක් පැමිණ ඇති අතර ආරක්ෂක අංශ එල්ල කළ ප්‍රහාරවලින්එළදෙනුන්දෙදෙනා පුපුරා ගොස් ඇත.

අයි.එස් ත්‍රස්තයන් එල්ල කළ අසාර්ථක ප්‍රහාරයෙන් එක් සාමාන්‍ය වැසියෙක් තුවාල ලබා ඇති බව ඉරාක හමුදාව ප්‍රකාශ කළේ ය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ඉන්ඩිපෙන්ඩන්ට්, බැග්ඩෑඩ් නුවර)

RECOMMEND POSTS