ප්‍රහාරයෙන් ත්‍රස්තයන් 8ක් මරුට



සෞදි අරාබියේ කටීෆ් පළාතේපොලීසිය සිදුකල සෝදිසි මෙහෙයුමකින් ත්‍රස්තවාදීන් අට දෙනෙක් මරා දැමීමට සමත් වී ඇති බව වාර්තා වේ.

ආරක්ෂක අංශවලට ත්‍රස්තවාදීනගෙන් එල්ල වන ප්‍රහාර හේතුවෙන් සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක කිරීමට සෞදි පොලීසිය පියවර ගෙන ඇත.

කටීෆ් පළාතේ සනබීස් නගරයේ නිවාස සංකීර්ණයක සැඟවී සිට ත්‍රස්තවාදීන්ට යටත් වන ලෙස ආරක්ෂක අංශ සාමාජිකයන් දැණුම් දී ඇති අතර ආරක්ෂක අංශ වෙත ප්‍රහාර එල්ල කිරීමට පටන්ගැනීමත් සමඟ ආරක්ෂක අංශ එල්ල කළ ප්‍රතිප්‍රහාරවලින් ත්‍රස්තවාදීන් අටදෙනා ජිවිතක්ෂයට පත් වී ඇත.

ආරක්ෂක අංශ සාමාජිකයන්ට හෝ සාමාන්‍ය වැසියන්ට කිසිදු හානියක් සිදු වී නොමැති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ප්‍රකාශ කළේ ය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, රියාද් නුවර)

RECOMMEND POSTS