ප්‍රහාරයකින් හමුදාවේ පහක් මරුට



ඊජිප්තුවේ ගීසා පළාතේ අල්-බඩ්‍රාෂීන් ප්‍රදේශයේ පිහිටා ඇති හමුදා මුරපොලකට සිකුරාදා එල්ල කරන ලද ත්‍රස්තවාදී ප්‍රහාරයකින් හමුදා නිලධාරීන් පස් දෙනෙකු මියගොස් ඇති බව වාර්තා වේ.

කිසිදු පාර්ශවයක් ප්‍රහාරයේ වගකීම මෙතෙක් භාර ගෙන නොමැති උතුරු සිනායි ප්‍රදේශයේ සිටින අයි.එස් ත්‍රස්තවාදීන් ප්‍රහාරය එල්ල කරන්ට ඇති බවට ආරක්ෂක ආංශ සැක පළකරයි.

ඊජිප්තුවේ අනිකුත් ප්‍රදේශයන්ටද අයි.එස් ත්‍රස්තවාදීන් ප්‍රහාරයන් එල්ල කර ඇති බව ඊජිප්තු ආරක්ෂක අංශ ප්‍රකාශ කළේය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින් පුවත් ඇසුරෙනි)


RECOMMEND POSTS