ප්‍රහාරය බරපතලයි: එමිරේට්ස් විදේශ ඇමති



සෞදි අරාබියට එල්ල කළ ඩ්‍රෝනා ප්‍රහාර දෙක ඉතා බරපතල තත්ත්වයක් බව එමිරේට්ස් විදේශ කටයුතු ඇමති ප්‍රකාශ කර ඇත.

ත්‍රස්ත ප්‍රහාරය එල්ල කිරීම යේමනයේ පවති යුද්ධයේ ප්‍රතිඵලය මත පමණක් සිදු වු දෙයක් ලෙස සම්පූර්ණයෙන්ම පිළිගත නොහැකි බවත්, ගල්ෆ් කලාපය තුල අනාරක්ෂිතසහ භයානක තත්ත්වයක් වර්ධනය වෙමින් පවතින බවටවිදේශ කටයුතු අමාත්‍ය, අන්වර් ගාර්ගාෂ් පැවසීය.

“කලාපයේ ආරක්ෂාව සහ ස්ථාවරත්වය සහතික කිරීම සඳහාජාත්‍යන්තර ප්‍රජාව සෞදි අරාබිය සමඟ එකතු විය යුතුයි.“ යනුවෙන් විදේශ කටයුතු අමාත්‍යවරයාට අයත් නිල ට්විටර් සමාජ ජාල ගිණුමේ පළ කර ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, ඩුබායි නුවර)

RECOMMEND POSTS