ප්‍රහාරක යානාවලට ඉන්ධන නෑ



යේමන අර්බුදයට සම්බන්ධ වී සිටින සෞදි සහ එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයේ ගුවන් හමුදා ප්‍රහාරක යානාවලට ගුවනේදී ඉන්ධන ලබා දීම නැවැත්වීමට තීරණය කළේ යැයි ඇමෙරිකා ගුවන් හමුදාව කියයි.

මෙහෙයුම්වල නියැලුණු සෞදි සහ එක්සත් අරාබි එමිරේට්ස් ප්‍රහාරක යානාවලට ගුවනේදී ඉන්ධන පිරවීම සිදු කළේ ඇමෙරිකන් ගුවන් හමුදාවේ විශේෂ ගුවන් යානාවලිනි.

යේමන අර්බුදය නැවැත්වීමටත් ඊට දේශපාලනික විසඳුමක් වහා ලබා දීමටත් ඇමෙරිකාව බලාපොරොත්තු වෙයි. ඉන්ධන පිරවීම නැවැත්වීමට ඇමෙරිකාව තීරණය කර ඇත්තේ එහෙයින් යැයි ද පැවැසෙයි.

(අල් ජසීරා)

 


RECOMMEND POSTS