ප්‍රහාරක යානා පහර දී බිම හෙළයි



සිරියානු ගුවන් හමුදාවට අයත් ‘එස්.ය 24’ වර්ගයේ ප්‍රහාරක යානා දෙකක් පහර දී බිම දැමූ බව තුර්කි හමුදාව පැවැසීය.

සිරියානු ගුවන් හමුදාවට අයත් මෙම ප්‍රහාරක යානා සිරියාවේ ඉඞ්ලිබ් පළාතේ බෝම්බ හෙළීමට පැමිණි අවස්ථාවේදී, එම පළාතේ රඳවා සිටින තුර්කි හමුදා ඒවාට පහර දී ඇතැයි ද පැවැසෙයි.

ඉඞ්ලිබ් යනු සිරියානු ජනාධිපති බෂීර් අල් අසාද්ගේ රජය පෙරළා දැමීමට අවි අතට ගත් විපක්ෂ දේශපාලන ක්‍රියාකාරීන්ගේ අවසන් බළකොටුවය. තුර්කිය සිරියාවේ අසල්වැසියා වන අතර, තුර්කියේ සහාය හිමිවන්නේ සිරියානු විපක්ෂ දේශපාලන ක්‍රියාකාරීන්ටය.

තුර්කි හමුදා සොල්දාදුවන් ඉඞ්ලිබ් පළාතේ රැඳී සිටින්නේ, එම විපක්ෂ ක්‍රියාකාරීන්ට සහාය පළ කරමිණි. තුර්කි හමුදා පහර දී සිරියානු ගුවන් හමුදාවේ ප්‍රහාරක යානා බිම දැම්මේ, සිරියානු රජයේ හමුදා තුර්කි හමුදාවට අයත් ඩ්‍රෝන යානයක් පහර දී බිම හෙළීමේ සිදුවීමට ප්‍රතිචාර දක්වමිණි.

අන්කාරාහිදීය (රොයිටර්)


RECOMMEND POSTS