ප්‍රහාරක යානා දෙකක් ගැටෙයි



කටාර් ගුවන් හමුදාවට අයත් පුහුණු ප්‍රහාරක ගුවන්යානා දෙකක් එකට ගැටී ඇති බව වාර්තා වේ.

ගුවන් නියමුවන් දෙදෙනාආරක්ෂිතව ගුවන්යානාවලින් පිටවීමට හැකි වීම නිසා කිසිදු හානියක් සිදුවී නොමැත.

අනතුර සිදු වු ස්ථානය, දිනය සහ වේලාව පිළිබඳව කිසිදු තොරතුරක් ලබාදීමට කටාර් ආරක්ෂක අමාත්‍යාංශය කටයුතු කර නොමැත.

කටාර් ආරක්ෂක අමාත්‍යාංශයට අයත් නිල ට්විටර් සමාජ ජාල ගිණුමේ අනතුර පිළිබඳව පළ කර ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, දෝහා නුවර)

RECOMMEND POSTS