ප්‍රහාරක ජෙට් යානයක් කඩා වැටිලා



ඇන්ජිමේ දෝෂයක් හේතුවෙන් ඇමෙරිකන් ගුවන් හමුදාවට අයත් එෆ්18 වර්ගයේ ප්‍රහාරක ජෙට් යානයක්, බහරේන් ජාත්‍යන්තර ගුවන් තොටුපොළට කඩා වැටී ඇතැයි වාර්තා වේ.

තමන්ට අකරතැබ්බක් වුණැයි බහරේන් ගුවන් තොටුපොළට දැනුම් දීමෙන් පසු, ඔවුන්ගේ අවසර පරිදි යානය ගුවන්තොටුපොළට බාන්නැයි නියමුවාට උපදෙස් ලැබී ඇත.

එම අවස්ථාවේදී ගුවන්තොටුපොළ ධාවන පථ ගුවන් යානාවලින් හිස් කිරීමටත් සෙසු ගුවන් යානා ගුවන්තොටුපොළට පැමිණීම තාවකාලිකව නැවැත්වීමටත් බලධාරීහු පියවර ගෙන තිබුණාහ.

කෙසේ නමුත් යානය ගුවන්තොටුපොළ ධාවන පථයට පතිත කිරීමට උත්සාහ ගත් නමුත් එය ආරක්ෂිතව කළ නොහැකි බවට ඇති වූ චකිතය හේතුවෙන් නියමුවා යානයෙන් එළියට පැන ගත්තේය. පැරැෂූට් ආධාරයෙන් ඔහු ආරක්ෂිතය බිමට පත්ත වුණු බව පසුව වාර්තා විය.

ප්‍රහාරක ජෙට් යානය ධාවන පථයට කඩා වැටිණි. එය පිපිරීමකට ලක් නොවුණි. පිපිරීමක් හෝ ගිනි ගැනීමක් සිදුවේවි යැයි බියෙන් බහරේන් ගිනි නිවන භටයන් සීරුවෙන් සිටි බව ද වාර්තා විය.

(ඬේලිමේල් ඇසුරිනි)


RECOMMEND POSTS