ප්‍රසංගය අවලංගුයි



අතිශය ජනප්‍රිය ඇමෙරිකන් ගායිකා ලානා දෙල් රේ, ඊශ්‍රායලයේ ටෙල් අවීව් නුවර ප්‍රසංගයක් පැවැත්වීමට සූදානමින් සිටියත් එල්ල වූ විරෝධතා හේතුවෙන් එය අවලංගු කර ඇත.

විරෝධතා එල්ල වූයේ ජගත් මානව ක්‍රියාකාරීන්ගෙනි. පලස්තීනුවන්ට ඊශ්‍රායලය සිදුකරන කෙණෙහිලිකම් හේතුවෙන් ප්‍රසංගය නවත්වන්නැයි ලානාගේ රසික රසිකාවියෝ ඉල්ලා තිබුණාහ.

‘මගේ රසික රසිකාවියන් ඊශ්‍රායලයේ පමණක් නොවෙයි, පලස්තීනයේත් ඉන්නවා. මට බෑ එක පාර්ශ්වයකට පමණක් සමීප වෙන්න. හැමෝටම සාධාරණයක් කරන්න ඕනෑ. ඊශ්‍රායල ප්‍රසංගය ඉදිරියේ දිනක යළි පවත්වනවා. ඒ, පලස්තීන්යේ ද ප්‍රසංගයක් සංවිධානය කිරීමෙන් පසුවයි’ යැයි ට්විටර් පණිවුඩයක් සටහන් කරමින් ලානා පවසා ඇත.

ඊශ්‍රායල පලස්තීනය අතර පවතින අර්බුදයට මැදිහත් වීමට තමාගේ අදහසක් නොමැති බවත්, තමා විදෙස් සංචාර යන්නේ, ඒ ඒ රටවලට ප්‍රසිද්ධියක් දීමට නොවන බවත් ලානා වැඩි දුරටත් පවසා ඇත.

ලානාගේ ප්‍රසංගය ටෙල් අවීව් නුවර ‘මීටිටෝර්’ සැණකෙළියට සමගාමීව ලබන සතියේ පැවැත්වීමට කටයුතු යොදා තිබුණු බව ඊශ්‍රායල බලධාරීහු පවසති.

(බී.බී.සී.)


RECOMMEND POSTS