ප්‍රවෘත්ති ඒජන්සියට සයිබර් ප්‍රහාරයක්



කුවේට් ප්‍රවෘත්ති ඒජන්සියට අයත් ට්විටර් සමාජ ජාල ගිණුමට සයිබර් ප්‍රහාරයක් එල්ල වී ඇති බව වාර්තා වේ.

සියලුම ඇමරිකානු හමුදා කුවේටයෙන් ඉවත් කරන බවට කුවේට් ප්‍රවෘත්ති ඒජන්සියට අයත් ට්විටර් ගිණුමේ පළ කිරීමට සයිබර් ප්‍රහාරකයන් කටයුතු කර ඇත.

ඇමරිකානු හමුදා පිළිබඳව පළ කර ඇති ප්‍රවෘත්තියේකිසිදු සත්‍යතාවයක් නොමැතිබව කුවේට් සන්නිවේදන කාර්යාල ප්‍රධානි, තාරෙක් අල්-මුසරෙම් පැවසීය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, කුවේට් නගරය)

RECOMMEND POSTS