ප්‍රමාදයට කටාර් ගුවන් සේවය සමාව අයදී



ඩුබායි අන්තර්ජාතික ගුවන් තොටුපලේ සිට හමාඩ් අන්තර්ජාතික ගුවන් තොටුපල බලා පියාසර කිරීමට නියමිතව තිබු ගුවන් යානයක(Flight QR1027) ඇතිවු කාර්මික දෝෂයක් හේතුවෙන් සිදුවූ ප්‍රමාදයට කටාර් ගුවන් සමාගම ගුවන් මගීන්ගෙන් පසුගියදා (අප්‍රේල්22) සමාව ඇයද සිටියේය.

ගුවන්යානා කාර්මික ශිල්පීන් පැමිණ ගුවන්යානය පරීක්ෂා කර කාර්මික දෝෂය සොයාගත් අතර දෝෂය නිවැරදි කිරීමට තමන් අපේක්ෂා කල කාලයට වඩා වැඩි කාලයක් ගත කිරීමට සිදුවූ බව කටාර්ගුවන් සමාගමතම නිල ටුවිටර් සමාජජාල ගිණුමේ ප්‍රමාදය සම්බන්ධයෙන් සඳහන් කොට ඇත.

තමන්ව පැයකට වැඩි කාලයක් ගුවන් යානය තුල රඳවා තැබූ බවට ගුවන් මගීන් පැමිණිලි කල අතර සිදුවූ ප්‍රමාදයට නිලධාරීන් වගකිය යුතු බව ගුවන් මගීන් ප්‍රකාශ කරන ලදී.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
ජී.ඩී.එන්. ඔන්ලයින් ඇසුරිනි


RECOMMEND POSTS