ප්‍රධාන ජල නලය පුපුරා ගිහින්



ඕමාන රාජ්‍යයේ ඕමානයේ සීබ් නගරයට වතුර සැපයෙන ප්‍රධාන ජල නලය පුපුරා යෑම හේතුවෙන් අල්-හේල් නගරයට ජල සැපයීම නොහැකි වු බව ඕමාන විදුලි බල හා ජල අධිකාරිය ප්‍රකාශ කළ බව ජි.ඩි.එන් ඔන්ලයින් වෙබ් අඩවිය වාර්තා කළේය.

විදුලි බල හා ජල අධිකාරියේ කාර්මික නිලධාරීන් පුපුරාගිය ප්‍රධාන ජල නලය නැවත යාථාතත්ත්වයට පත් කිරීම සඳහා මධ්‍යම රාත්‍රිය වන තෙක්ම විශාල පරිශ්‍රමයක් දැරූ බව අධිකාරියේ ප්‍රකාශකයකු ප්‍රකාශ කළ බව ටයිම්ස් ඔෆ් ඕමාන් පුවත්පත වාර්තා කළේය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින් පුවත් ඇසුරෙනි)


RECOMMEND POSTS