ප්‍රථම කෘතිම බුද්ධි ඇමති



එක්සත් අරාබි එමිරේට් රාජ්‍යයේ කෘතිම බුද්ධිය සඳහා වු ප්‍රථමඇමතිවරයා ලෙස ඔමාර් බින් සුල්තාන් අල් ඔලාමා පත්කර ඇති බව ඇරේබියන් බිස්නස් වෙබ් අඩවිය වාර්තා කළේය.

කැබ්නට් සංශෝධනයෙන් පසු අදාල තනතුර ප්‍රථමවරට නම් කර ඇති බව වාර්තා වේ.

2117 වනවිට අඟහරු ග්‍රහයා මත නිවාස ඉදිකිරීම සඳහා යන ගමනේ නවීන තාක්ෂණයෙන් එමිරේට් රාජ්‍යය තුල විප්ලවීය වෙනසක් ඇති කිරීමේ අරමුණින් වයස අවුරුදු 27ක් වු ඔමාර්බින්සුල්තාන්අල්ඔලාමාට අදාල තනතරු පිරිනැමීමටඑමිරේට්ස් රාජ්‍යයේ උප ජනාධිපති, අගමැති සහ ඩුබායි පාලක, ෂෙයික් මොහොමඩ් බින් රෂිඩ් අල් මක්ටූම්කටයුතු කර ඇත.

“නව රජය, දැණුම වර්ධනය කරගැනීමට, විද්‍යාව සහ පරියේෂණ සඳහා උපකාර කිරීම සුදානමින් සිටින රජයක් ’’ යනුවෙන්ඩුබායි පාලකයා සිය ට්විටර් සමාජ ජාල ගිණුමේ පළකර ඇති බව වෙබ් අඩවිය වාර්තා කළේය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ඇරේබියන් බිස්නස් පුවත් ඇසුරෙනි)


RECOMMEND POSTS