ප්‍රථම අරාබි චන්ද්‍රිකාව එමිරේටයෙන්



ගල්ෆ් කලපයේ රටක් නිර්මාණය කරන ලද පළමු චන්ද්‍රිකාව නිර්මාණය කිරිමට එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයේ මොහොමඩ් බින් රෂිඩ් අභ්‍යාවකාශ මධ්‍යස්ථානය සමත් වී ඇත බව ජි.ඩි.එන් ඔන්ලයින් වෙබ් අඩවිය වාර්තා කළේය. 

කිසිදු විදේශීයරටක හෝ විශේෂඥයකුගේ සහය නොමැතිව චන්ද්‍රිකාව නිර්මාණය කිරීම විශේෂත්වයකි.

“අපේ ඉන්ජිනේරුවන්ගේ දැණුමෙන් නිර්මාණය කළ “කලීෆාසැට්’’ චන්ද්‍රිකාව අද මම විවෘත කලා.’’ යනුවෙන් මහත් අභිමානකින් යුත්තවඑක්සත්අරාබිඑමීරේට් උපජනාධිපති, අගමැතිහාඩුබායිපාලක,ෂයික්මොහොමඩ්බින්රෂීඩ්අල්මක්ටුම් සිය ට්වුටර් සමාජ ජාල ගිණුමේ පළ කර ඇත.

ඉදිරියේදී අධි-තාක්ෂණික චන්ද්‍රිකා නිර්මාණය කිරීම සඳහා තමගේ පුර්ණ සහයෝගය එමිරේට්ස් ඉන්ජිනේරුවන්ට ලබාදෙන බවත් චන්ද්‍රිකාව නිර්මාණය කිරීම සඳහා දායකත්වය ලබා දුන් සියලු දෙනාට ස්තූතිය පළ කරන බව චන්ද්‍රිකාව විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවෙමින්ඩුබායි පාලකයා ප්‍රකාශ කර ඇත. 

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින් පුවත් ඇසුරෙනි)


RECOMMEND POSTS