ප්‍රතිඵල නැවත ගණන් කිරීම අවසන්



ඉකුත් මැයි මාසයේ පැවැති මහ මැතිවරණයේ ප්‍රතිඵල නැවත ගණන් කිරීම අවසන් කර ඇතැයි ඉරාක මැතිවරණ කොමිසම නිවේදනය කළේය.

මහ මැතිවරණයේ ප්‍රතිඵල ගණනය කරනු ලැබුවේ විද්‍යුත් ගණන් කිරීමේ ක්‍රමවේදයක් මගිනි. එහෙත් විද්‍යුත් ක්‍රමවේදය මගින් ඡන්ද ගණන් කිරීමේදී අක්‍රමිකතා සහ මැතිවරණ නීති දැඩි ලෙස උල්ලංඝණය වී ඇතැයි විවිධ පාර්ශවලින් චෝදනා එල්ල විය.

ඒ සම්බන්ධයෙන් වාර්තාවක් ද සකස් කරන ලද අතර එහි නිගමන අනුව සේවකයන් යොදවා ඡන්දය නැවත ගණන් කරන්නැයි ඉරාක පාර්ලිමේන්තුවේ පසුගිය ජූනි මාසයේදී නියෝග කළේය.

හර්ෂණ තුෂාර සිල්වා

 


RECOMMEND POSTS