ප්‍රතික්‍රියාකාරකයකට මුල් ගල තබයි



සෞදිය සිය ප්‍රථම න්‍යෂ්ටික ප්‍රතික්‍රියාකාරක බලාගාරය ඉදිකිරීම සඳහා නව ව්‍යාපෘතියක් ආරම්භ කළේය. මෙම නව ව්‍යාපෘතිය ආරම්භ වූයේ සෞදියේ ඔටුන්න හිමි මොහොමද් බින් සල්මාන් රජුගේ ප්‍රධානත්වයෙනි.

මීට අමතරව, බලශක්ති ක්ෂේත්‍රයට අදාල ව්‍යාපෘති රැසක් ද ආරම්භ කිරීමට සෞදි කුමරු පියවර ගෙන ඇත. පරමාණු බලශක්තිය ඒ අතරින් කැපී පෙනෙයි. ඊට අමතරව, ගුවන් යානා නිර්මාණය සම්බන්ධයෙන් ද විද්‍යා හා තාක්ෂණ ආයතනයක් සල්මාන් කුමරුන් අතින් විවෘත කෙරුණි.

සෞදිය තම න්‍යෂ්ටික ශක්තිය වැඩි දියුණු කර ගැනීමට කටයුතු කරමින් සිටී. න්‍යෂ්ටික ප්‍රතික්‍රියාකාරක බලාගාරය එම කටයුතු සඳහා යොදා ගනු ඇත. පසුගිය මැයි මාසයේ සෞදිය රජය විශේෂ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ ඉරානය පරමාණු බෝම්බ නිපදවන්නේ නම්, තමත් ද ඊට නොදෙවැනි අයුරින් පරමාණු බෝම්බ සහ පරමාණුක අවි නිපදවන බවය.

(අල් ජසීරා)


RECOMMEND POSTS