ප්‍රංශය ත්‍රස්තවාදීන්ට උඩගෙඩි දෙනවා



සිරියාවේ කුර්දි බෙදුම්වාදී ත්‍රස්තවාදීන්ට උඩගෙඩි දෙනවැයි තුර්කි ජනාධිපති රිජෙප් තායිප් එර්දෙවෝන් ප්‍රංශයට චෝදනා කරයි.

තුර්කිය පවසන අන්දමට ඇමෙරිකාව පමණක් නොව, ප්‍රංශය ද කුර්දි බෙදුම්වාදී ත්‍රස්තවාදීන්ට සහ කුර්දි දේශපාලන පක්ෂවලට සහාය දක්වයි.

මේ වනවිට ප්‍රංශය උත්සාහ ගන්නේ, කුර්දි සටන්කාමීන් සහ ඔහුන්ට සහාය දක්වන දේශපාලන පක්ෂ මෙන්ම තුර්කි රජය අතරේ ද පවතින අර්බුදයට මැදිහත් වී එයට විසඳුම් සෙවීමය.

තුර්කිය, සිරියාවේ ඇෆ්රින් පළාතේ කුර්දි බෙදුම්වාදීන් සහ ඔවුන්ට සහාය දක්වන දේශපාලන පක්ෂ ‘ත්‍රස්තවාදීන්’ ලෙස සළකයි. ත්‍රස්තවාදීන් සමඟ කිසිදු අවස්ථාවක සාකච්ඡා නොකරන බවට තුර්කි ජනාධිපතිවරයා ප්‍රතිඥා දී ඇත. තුර්කිය සහ ප්‍රංශය අතර අර්බුදයක් නිර්මාණය වී ඇත්තේ එහෙයිනි.

(ප්‍රෙස් ටීවී)

 


RECOMMEND POSTS