ප්‍රංශ ජනපතිට බ්‍රිතාන්‍ය අගමැතිනියට දොස්



ඇමෙරිකාවට සහාය පළ කරමින්, ප්‍රංශය සහ බ්‍රිතාන්‍යය සිරියාවට පහරදීම සම්බන්ධයෙන් ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන් ට සහ බ්‍රිතාන්‍ය අගමැතිනී තෙරේසා මේ ට දොස් අහන්න සිදුවී ඇතැයි වාර්තා වේ.

ප්‍රංශ ජනාධිපතිවරයාට සහ බ්‍රිතාන්‍ය අගමැතිනියට දොස් නගා ඇත්තේ විපක්ෂ දේශපාලන කණ්ඩායම්ය. බි්‍රතාන්‍ය විපක්ෂ නායක ජෙරමි කෝර්බින් අගමැතිනී තෙරේසා මේට දොස් නගා ඇත්තේ, බි්‍රතාන්‍යය සිරියාවට පහරදීම නීත්‍යාණුකූල නොවන බවය.

‘අගමැතිනී තෙර්සා මේ වගකීමක් තියෙනවා රට ගැන, ජනතාව ගැන. ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් ගන්නා හැම තීරණයකටම සහාය පළ කරන්න ඇය බැඳිලා නැහැ. සිරියාවට එල්ල කළ ප්‍රහාරයට ඇය බි්‍රතාන්‍ය සම්බන්ධ කිරීම වැරැදියි.’ යැයි විපක්ෂ නායක කොර්බින් පෙන්වා දී තිබේ.

ප්‍රංශ ජනපතිවරයාට දොස් නගා ඇත්තේ එරට වාමාංෂික සහ දක්ෂිණාංශික විපක්ෂ දේශපාලන කණ්ඩායම්ය. ප්‍රංශයේ වාමාංශික දේශපාලන පක්ෂයක වන ‘ඉසෝමීස්’ පක්ෂයේ නායක ජෝන් ලුක් මෙලන්කොන් පෙන්වා දී ඇත්තේ, රසායනික අවි ප්‍රහාරයක් සිදුවුණු බවට පැහැදිලි කිසිවක් නැතැයි කියද්දී, ප්‍රංශ ජනාධිපතිවරයා ‘හදිස්සි වී’ සිරියාවට පහර දීම කිසිසේත් අනුමත කළ නොහැකි බවය.

සිරියාවේ හඳුනාගත් ඉලක්ක වෙත ඇමෙරිකාව, බ්‍රිතාන්‍යය සහ ප්‍රංශය මිසයිල ප්‍රහාර එල්ල කළේ පසුගිය 13 වැනිදාය. ඒ, ඩෝමා නමැති නගරයට එල්ල වුණු රසායනික විස වායු ප්‍රහාරය මුල්කොට ගනිමිනි. කෙසේ නමුත් සිරියානු රජයට සහාය දක්වන සිරියාව දිගින් දිගටම පවසා ඇත්තේ රසායනික විස වායු ප්‍රහාරයක් එල්ල වුණැයි කිසිම සාක්ෂියක් නැති බවය.

(රොයිටර්)


RECOMMEND POSTS