ප්‍රංශ ජනපති මැක්රොන් සෞදි කුමරු හමුවෙයි



ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන් සහ සෞදියේ ඔටුන්න හිමි සල්මාන් කුමරුන් අතර හමුවක් පැවැත්විණි.
2018 වසරේ දී, සෞදි මාධ්‍යවේදී ජමාල් කශොග්ජී ඝාතන සිදුවීමෙන් පසු, සල්මානු කුමරු මුහුණට මුහුණ හමුවුණු පළමු ප්‍රධාන පෙළේ විදෙස් නාකයා මැක්රොන් යැයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි.

ජමල් කාශොග්ජී, සල්මාන් කුමරු දැඩි ලෙස විවේචනය කළ මාධ්‍යවේදියෙකි. එහෙයින්, කශොග්ජී ඝාතනය සිදුවූයේ කුමරුන්ගේ අනුදැනුම යටතේ යැයි චෝදනා එල්ල වී ඇත.

මැදපෙරදිග සහ බටහිර අප්‍රිකා කලාපයේ ඉස්ලාමීය ත්‍රස්තවාදීන්ට එරෙහි සටනේදීත්, ඉරානය සම්බන්ධ අර්බුදයේදීත්, සෞදියේ සහාය බටහිර රටවලට අවශ්‍ය බව ජනාධිපති මැක්රොන්ගේ අදහසය.

ප්‍රංශ ජනාධිපතිවරයා සෞදි සංචාරයක් සඳහා පැමිණියේ දෙරට අතර සබඳතා යහපත් කර ගැනීමේ අරමුණින්ය.

ජෙඩා නුවරට පැමිණි මැක්රොන් උණුසුම් ලෙස පිළිගැනීමට 33 හැවිරිදි ඔටුන්න හිමි කුමරු කටයුතු කළ බව විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි. මැක්රොන්ට පෙර ප්‍රංශයේ ජනාධිපති ධුරය හෙබවූයේ ෆ්‍රන්සුවා ඕලන්ද්ය. එම කාලයේ ප්‍රංශය සහ සෞදිය අතර යහපත් සබඳතා පළුදු වී තිබුණි. කෙසේ නමුත්, මැක්රොන් ජනාධිපති ධුරයට පත් වීමෙන් පසු සෞදිය සමඟ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා තරකර ගැනීමට කටයුතු කළේය.

(රොයිටර්)


RECOMMEND POSTS