ප්ලාස්ටික් බිත්තර නෙමෙයිලු



ඕමානයේ වෙළඳපොල තුල කෘතිමව නිෂ්පාදනය කරන ලද ප්ලාස්ටික් බිත්තර විකිණීමට ඇති බව පෙන්වමින් සමාජ ජාල වෙබ් අඩවි තුල වීඩියෝවක් පළ කර ඇත.

මස්කට් නුවර මහනගර සභාවේ ආහාර පරික්ෂණ නිලධාරීන් වහාම ක්‍රියාත්මක වී අදාල සිද්ධිය සම්බන්ධයෙන් සොයා බලා  ඇති අතර එවැනි ආකාරයේ කිසිදු බිත්තර වර්ගයක් වෙළදපොල තුල නොමැති බවට තහවුරු කර ඇත.

වැරදි ප්‍රචාරයන්වලට නොරැවටෙන ලෙසත් යම් තොරතුරක් දැනගැනීමට අවශ්‍ය නම් මහනගර සභාවේ ආහාර පරීක්ෂණ ඒකකයට දුරකථන ඇමතුමක් ලබාදෙන ලෙස අධ්‍යක්ෂවරයා ජනතාවගෙන් ඉල්ලීමක් කර ඇත.

ජනක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්)


RECOMMEND POSTS