ප්ලාස්ට්ක් හාල් කතාව බොරුවක්ලු



එමිරේට්ස් රාජ්‍ය තුල ඇති වෙළඳසැල් වල ප්ලාස්ට්ක් සහල් විකිණීමට ඇති බවට වීඩියෝ කීපයක් සමාජ ජාල වෙබ් අඩවි වල සහ වට්ස්ඇප් මෘදුකාංගය හරහා ගල්ෆ් කලාපයේ සිටින පරිශීලකයන් අතර හුවමාරු වන බව ජි.ඩි.එන් ඔන්ලයින් වෙබ් අඩවිය වාර්තා කළේය. 

අදාල වීඩියෝ වල කිසිදු සත්‍යතාවයක් නොමැති බව බුබායි මහනගර සභාවේ ආහාර සුරක්ෂිතතා දෙපාර්තුමේන්තුව එම දෙපාර්තුමේන්තුවට අයත් නිල ඉනටර්ග්‍රෑම් ගිණුමේ සඳහන් කොට ඇත. 

ප්ලාස්ටික් සහල් පිසීමේදි හෝ සහල් ටිකක් අතට ගෙන අවධානයෙන් යුතුව නිරීක්ෂණ කිරීමෙන් හෝ සහල් වල  සුවඳ බැලීමෙන් පහසුවෙන් හඳුනාගත හැකි බව ආහාර සුරක්ෂිතතා දෙපාර්තුමේන්තුව පැහැදිලි කළේය. 

වෙළදසැල් වල පවතින සහල් තොග පරීක්ෂා කිරීමේ කටයුතු මේ වන විටත් ක්‍රියාත්මක වන අතර නියැදි වශයෙන් සහල් ගෙන පරීක්ෂා කිරීම සිදුකරන බවත් ප්ලාස්ටික් සහල් ලෙස වෙළෙඳපොළ තුළ එවැනි දෙයක් දැනට හමු වී නොමැති බව නගර සභාව ප්‍රකාශ කළේය.   

මෙවැනි පදනම් විරහිත සාවද්‍ය තොරතුරු ප්‍රචාරය කිරීමෙන් වලකින ලෙසත්, යම් හෙයකින් එවැනි සහල් විකිණිමට ඇත්නම් නගර සභාවට දන්වන ලෙසත්, මිලදී ගැනීමේදි වඩාත් පරීක්ෂාකාරි වන ලෙස මහනගර සභාව ජනතාවගෙන් ඉල්ලීමක් කළේය. 
 
 
ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින් පුවත් ඇසුරෙනි)

 


RECOMMEND POSTS