පළිගන්නවා: ඉරානය කියයි



ඉරාන හමුදා පෙළපාළියට එල්ල වුණු වෙඩි ප්‍රහාරය සම්බන්ධයෙන් ඉරාන රජය පවසා ඇත්තේ එය සිදුකළ අෂ්වාසියා සන්නද්ධ කණ්ඩායමෙන් පළිගන්නා බවය.

අෂ්වාසියා සුන්නි මුස්ලිම් සන්නද්ධ කල්ලිය සෞදියේ සහ වෙනත් සෞදි හිතවාදී ගල්ෆ් රටවල සහාය ලබයි. ඇමෙරිකාවේ සහාය ද හිමිවන්නේ මෙම සන්නද්ධ කල්ලියට බව ඉරානය චෝදනා කරයි.

හමුදා පෙළපාළියට එල්ල වුණු ප්‍රහාරයෙන් හමුදා සොල්දාදුවන් ද ඇතුළු පෙළපාළිය නැරැඹීමට පැමිණ සිටි සිවිල් වැසියන් ද ඇතුළු 29 ක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලැබූ ගණන 70 කට වැඩිය.

(ප්‍රෙස් ටීවී)


RECOMMEND POSTS