පළමු හින්දු කෝවිල ඉදි කරයි



අබුඩාබියේ ඉදිකරනු ලබන පළමු සාම්ප්‍රදායික හින්දු කෝවිල සඳහා මුල්ගල් තබා ඇති බව වාර්තා වේ.

සාම්ප්‍රදායික හින්දු චාරිත්‍රානුකූලව මුල්ගල් තැබීමේ කටයුතු සිදු වී ඇති අතර හින්දු පුජකයන් 50කට ආසන්න සංඛ්‍යාවක් සහභාගි වී සිටි අතර මුල්ගල් තැබීමේ උත්සව අවස්ථාවට සහභාගිවී සඳහා ඉන්දියාවෙන්ද හින්දු පුජකයන් පැමිණ ඇත. 

කිරිගරුඩ සහ රෝසපැහැති ගල් භාවිතා කරමින් කෝවිල අදියරයන් වශයෙන් ඉදිකරන අතර සියළුම කිරිගරුඩ සහ ගල් වර්ග ඉන්දියාවෙන් ගෙන්වන බව වාර්තා වේ.

මැද පෙරදිග කලාපයේ ඉදිකරනු ලබනප්‍රථම සම්ප්‍රදායික ශෛලමය හින්දු කෝවිල ලෙස ඉතිහාසයට එක් වෙයි.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, අබුඩාබි නුවර)

RECOMMEND POSTS