පළමු ස්මාර්ට් කුලීරථ පර්යන්තය



ඕමානයේ ඉදිකළ පළමු කුලීරථ පර්යන්තය පසුගියදා සුහර් පාලම සහ ලුලූ වෙළඳ සංකීර්ණයආසන්යේ විවෘත කර ඇති බව වාර්තා වේ.

කුලීරථ මඟීන්ගේ පහසුව සඳහාපර්යන්තය වායු සමනය කර ඇති අතර ආරක්ෂිත කැමරා පද්ධතියක්ද සවිකර ඇත.

2018 වර්ෂයේ මුල් මාස කීපයේ පර්යන්තය ඉදිකිරීම ආරම්භ කර ඇති අතර ඒ සඳහා ඕමාන් රියාල් 33,000ක් වියදම් කර ඇත.

කාන්තාවන්ගේ සහ පිරිමින්ගේ පහසුව සඳහා වෙන් වෙන් වශයෙන් පේළි වෙන්කර ඇති අතර අදාල ව්‍යාපෘතිය මෙම වසර තුලදී ක්‍රියාත්මක කිරීමට සුහර් නගර සභාව පියවර ගෙන ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, මස්කට් නුවර)

RECOMMEND POSTS