පළමු චන්ද්‍රිකාව 2024 උඩුගුවනට



ඕමාන් රාජ්‍යය 2024 වර්ෂයේදි චන්ද්‍රිකාවක් අභ්‍යාවකාශ ගත කරන බව වාර්තා වේ.

පළමු චන්ද්‍රිකාව 2024දි අභ්‍යාවකාශ ගත කිරීමට කටයුතු කරන බව 50 වන ජාතික දිනයට පෙර අදහස් දක්වමින් ප්‍රවාහන, සන්නිවේදන හා තොරතුරු තාක්ෂණ අමාත්‍ය, ආචාර්ය සයිඩ් බින් හමූඩ් අල් මාවලි ප්‍රකාශ කළේ ය.

පළමු චන්ද්‍රිකාව අභ්‍යාවකාශ ගත කිරීමේ සැලැස්ම 2006 දී ආරම්භ කළ බවත්, පුද්ගලික අංශයේ කාර්යභාරය පිළිබඳව අවධානය යොමු කළ බවත්, පළමු චන්ද්‍රිකාව අභ්‍යාවකාශ ගත කිරීම සඳහා සමාගමක් පිහිටුවීමට කටයුතු කළ බව අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ ය. 

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, මස්කට් නුවර)

RECOMMEND POSTS