පළමු කාන්තා කණ්ඩායම පොලිස් සේවයට



පළමු කාන්තා නිලධාරීනියන් පිරිස ඩුබායි පොලිස් සේවයට එක් වන බව වාර්තා වේ.

මාස හයක ඒකාබද්ධ පුහුණු වැඩසටහනක් සම්පූර්ණ කිරිමෙන් පසු පොලිස් නිලධාරිනියන් පිරිස සේවයට එක් වන බව කළීජ් ටයිම්ස් වෙබ් අඩවිය සඳහන් කර ඇත.

ජාතික ආරක්ෂාව සහතික කිරීම සඳහා සැලකිය යුතු කාර්යභාරයක් කාන්තා පොලිස් කණ්ඩයමට ඉටු කළ හැකි බවත්, මීට පෙර පිරිමි පොලිස් නිලධාරීන්කළ රාජකාරි සඳහා පොලිස් නිලධාරිනියන් යොදවන බව, ඩුබායි පොලිසියේ මොහෙයුම් අධ්‍යක්ෂ, මේජර් ජෙනරාල්, ආචාර්ය මොහොමඩ් නසාර් අල් රසූකි පැවසීය.

ඩුබායි පොලිසිය සෑම අංශයකින්ම බැබළෙන සහ විශිෂ්ටත්වය දක්වන විශිෂ්ට කාර්ය මණ්ඩලයක් සිටීම ගැන ආඩම්බර වන බව මොහොමඩ් නසාර් අල් රසූකි වැඩිදුරටත් පැවසීය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(GDN Online - ඩුබායි නුවර)

RECOMMEND POSTS