පළමු කණ්ඩායම පිටත් වෙයි



හජ් වන්දනාව සඳහා පිටත්ව යන පළමු එමිරේට්ස් කණ්ඩායම පිටත්ව ගිය බව එමිරේට්ස් ප්‍රවෘත්ති ඒජන්සිය වාර්තා කළේය.

ආචාර්ය මොහොමඩ් මටා අල්-කාබී කණ්ඩායමේ නායකත්වය දරන අතර, අබ්දුල්ලා රජු අන්තර්ජාතික ගුවන්තොටුපොලේ සිට නැවත පැමිණෙන තෙක් සියළුම පහසුකම් සැපයීමට සෞදි අරාබිය සූදානමින් සිටින බව ආචාර්යවරයා ප්‍රකාශ කළේය.

බැතිමතුන්ගේ පහසුව වෙනුවෙන් අගොස්තු 6-13 කාලය තුල සෞදිය සහ එමිරේටය අතර අමතර ගුවන්වාර 33ක් ක්‍රියාත්මක කරන බව වාර්තා වේ.

ජානක ප්‍රියදර්ශන ජයතිලක


RECOMMEND POSTS