පළමු අක්මා බද්ධය සාර්ථකයි



කුවේට් මුබාරක් අල්-කබීර් රෝහලේ පළමු අක්මා බද්ධය සාර්ථක වු බව කුවේට් සෞඛ්‍ය අමාත්‍යවරයා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇති බව ජි.ඩි.එන් ඔන්ලයින් වෙබ් අඩවිය වාර්තා කළේය.

අක්මාවේ රෝගී තත්ත්වයකින් පීඩා විදිමින් සිටි කුවේට් ජාතිකයකුට ශල්‍යකර්මයකින් අක්මාව ඉවත් කර වෙනත් අක්මාවක් බද්ධ කර ඇති අතර ශල්‍යකර්මය සාර්ථක වීමෙන් පසු වෛද්‍යවරුන් ඇතිවිය හැකි අසාත්මිකතාවන් අධ්‍යයනය කරමින් සිටින බව වාර්තා වේ.

බ්‍රිතාන්‍ය කිංග්ස් කොලෝජ් රෝහලසමඟ කුවේට් සෞඛ්‍ය අමාත්‍යාංශය ඒකාබද්ධව ශල්‍යකර්මය සිදු කර ඇති අතර සියළුම ශල්‍යකර්මයන් බ්‍රිතාන්‍ය කිංග්ස් කොලෝජ් රෝහලේ අධික්ෂණය යටතේ සිදුවන බව සෞඛ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින් පුවත් ඇසුරෙනි)


RECOMMEND POSTS