පහර දෙන්න ඩ්‍රෝනා යානා ඇවිත්



ඉරානයේ සහය ලබන යේමනයේ හවුති ගරිල්ලන් සෞදි අරාබියට ප්‍රහාර එල්ල කිරීමට ඩ්‍රෝනා යානා එවා ඇති බව සෞදි සන්ධානය හමුදාව ප්‍රකාශ කරනවා.

ප්‍රහාර එල්ල කිරීම සඳහා පුපුරණ ද්‍රව්‍ය රැගෙන පැමිණි හවුති ගරිල්ලන්ට අයත් ඩ්‍රෝනා යානා කීපයක් විනාශ කළ බව සෞදි සන්ධාන හමුදාමාධ්‍ය ප්‍රකාශක, කර්නල් තුර්කි අල් මල්කි පැවසීය.

සාමාන්‍ය වැසියන් ඉලක්ක කර ගනිමින් ප්‍රහාර එල්ල කිරීමට හවුති ගරිල්ලන් ඩ්‍රෝනා යානා එවා ඇති බව කර්නල් තුර්කි අල් මල්කි වැඩිදුරටත් පැවසීය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, රියාද් නුවර)

RECOMMEND POSTS