පහර දුන්නොත් මහ විනාශයක්



සිරියාවට එරෙහිව ඇමෙකාව, බ්‍රිතාන්‍යය සහ ප්‍රංශය පහරදීමක් කළොත් මහා විනාශයක් සිදුවනු ඇතැයි ලෙබනන් පාර්ලිමේන්තු කතා නායක කියයි.

කතා නායක නබී බෙරී පෙන්වා දෙන අන්දමට එවැනි පහරදීමක් සිදුවුවහොත් එමගින් මුළු මැදපෙරදිග කලාපයම අස්ථාවර වනු ඇත. එපමණක් නොව එය තෙවැනි ලෝක යුද්ධයක් තෙක් ඔඩුදුවනු ඇත.

මැදපෙරදිග රටවල් අතරේ පවතින සන්හිදියාව සහ එකමුතුබව එවැනි පහරදීමකින් බිඳ වැටෙනු ඇති බව ද ලෙබනන් කතා නායකවරයා වැඩිදුරටත් පෙන්වා දී ඇත.

(ප්‍රෙස් ටීවී)


RECOMMEND POSTS