පස්වැනි තට්ටුවෙන් වැටුනු කාන්තාව මියයයි, දරුවාට බරපතලයි



එක්සත් අරාබි එමිරේට්හි අජ්මාන් නගරයේහි පිහිටි තට්ටු ගොඩනැගිල්ලකින් කාන්තාවක් බිමට ඇද වැටී මියයෑමේ අවාසනාවන්ත පුවතක් වාර්තා වන බව ජි.ඩි.එන් ඔන්ලයින් වෙබ් අඩවිය වාර්තා කලේය. 

ඇය අවුරුදු එක හමාරකට කලින් විවාහ වී ඇති අතර මාස එකොලහක දරුවෙක්ද ඇත. 

ඇය දරුවාත් සමග ගොඩනැගිල්ලෙන් බිමට වැටී ඇති අතර එම ස්ථානයේදීම ඇය ජීවිතක්ෂයට පත්ව ඇත. 

බරපතල තුවාල ලබු දරුවා ප්‍රතිකාර සදහා සයික් කලීෆා රෝහලට ඇතුළත් කර ඇත. 

පොලීසිය විසින් කාන්තාවගේ සැමියාගෙන් ප්‍රශ්න කර ඇති අතර ඔහු ප්‍රකාශ කර ඇත්තේ ඇය මානසික ආබාධයකින් පෙලෙමින් සිටි බවය. 

ප්‍රතිකාර ලබාගත් වෛද්‍ය වාර්තාද පොලීසිය වෙත ඉදිරිපත්කර ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් නීතිමය කටයුතු කරගෙනයෑම සදහා පොලීසිය විසින් අදාල අංශ වෙත බාරදී ඇත.

 

(ජි.ඩි.එන් ඔන්ලයින් පුවත් ඇසුරෙනි)

ජානක ප්‍රියදර්ශන ජයතිලක) 


RECOMMEND POSTS