පස්වසරක් ඇතුළත සිරියා ජාතිකයින් 13,000ක් එල්ලා මරලා



සිරියානු හමුදා බන්ධනාගාරයක සිටි රැඳවියන්ගෙන් දහතුන් දහසක් පමණ පසුගිය අවුරුදු පහ ඇතුළත එල්ලා මරා දමා ඇති බව මානව හිමිකම් සඳහා වන ජාත්‍යන්තර ක්‍ෂමා ආයතනය පවසයි. 

මෙහිදී මරා දමා ඇති පිරිසෙන් අතිබහුතරය සාමාන්‍ය ජනතාව බවත් ඒ අතර සිරියානු රජයට විරෝධය පෑ මානව හිමිකම් ක්‍රියාධරයන් ද සිටින බවත් ජාත්‍යන්තර ක්‍ෂමා ආයතනය නිකුත්කර ඇති වාර්තාවේ සඳහන් වෙයි

එම වාර්තාවේ වැඩිදුරටත් දැක්වෙන්නේ  2011 සිට 2015 දක්වා සෑම සතියකම රැඳවියන් පනස්දෙනෙකු පමණ සමූහ වශයෙන් එල්ලා මරා දමා ඇති බවය.

දමස්කස් නුවරට නුදුරින් පිහිටි 'සඩ්නාය' නමැති මෙම සිරමැදිරිය රැඳවියන් අතර ප්‍රකටව ඇත්තේ 'ඝාතකාගාරය' නමිනි.
මෙම රැඳවියන්ට මරණ දඬුවම පැනවීම සඳහා කිසිදු නඩු විභාගයක් පවත්වා නොමැති බවත් ඇතැම් රැඳවියන් පිළිබඳව ප්‍රශ්නකිරීම් විනාඩියක් හෝ දෙකක් ඇතුළත නිමකර ඇති බවත් මෙම වාර්තාවේ ප්‍රධාන කතුවරයා වන නිකොලිට් වොල්ඩ්මන් බීබීසීයට පැවසීය.

කෙසේනමුත් දේශපාලන විරුද්ධවාදීන්ට වධ හිංසා පමුණුවන බවට එල්ලවෙන චෝදනා සිරියානු රජය විසින් ප්‍රතික්ෂේප කරනු ලැබ තිබේ

 

( තිළිණි ද සිල්වා )
බී.බී.සී ඇසුරෙනි...

 

 


RECOMMEND POSTS