පශු වෛද්‍ය අත්අඩංගුවට



කිඹුලන් මරා බෙහෙත් ගල්වා නීතිවිරෝධි ආකාරයෙන් සකස් කල පශු වෛද්‍යවරයෙකු සහ කිඹුලන් ඇති කිරීමේ මධ්‍යස්ථානයේ හිමිකරු කුවේට් පරිසර පෙලීසිය සිදු කරන ලද හදිසි වැටලීමක දී  අත් අඩංගුවට ගත් බව අල්-ෂහේඩ් ඩේලි වෙබ් අඩවිය වාර්තා කළේය.

දේශීය සහ අන්තර්ජාතික සත්ව ආඥා පනත් වලට අනුව නීති විරෝධි ආකාරයෙන් කිඹුලන් ඇති කිරීම, මැරීම සහ හිංසා කිරීම දඩුවම් ලැබිය හැකි වරදක් වේ.

පශු වෛද්‍යවරයා සහ හිමිකරු කිඹුලන් ජාවාරමේ නිරත වී ඇති අතර නීති විරෝධි ආකාරයෙන් කිඹුලන් අභිජනනය කිරීම සඳහා පශු වෛද්‍යවරයා සහයෝගය ලබාදී ඇති බව පොලිස් පරීක්ෂණ වලදී අනාවරණය වී ඇත.

 

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(අරාබ් ටයිම්ස් ඔන්ලයින් පුවත් ඇසුරෙනි) 


RECOMMEND POSTS