පවුලේ අය ගෙන්වා ගන්න පුළුවන්



එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයේ සේවය කරන විදේශ ශ්‍රමිකයන්ගේ පවුලේ සාමාජිකයන් එරටට ගෙන්වා ගැනීම සඳහා නව නීති හඳුන්වා දී ඇති බව වාර්තා වේ.

පවුලේ සාමාජිකයන් එමිරේට්යට ගෙන්වා ගැනීමේදි විදේශ ශ්‍රමිකයාගේ වෘත්තියට වඩා ආදායම් තත්ත්වය ගැන මූලික අවධානය යොමු කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත.

විදේශ ශ්‍රමිකයන්ගේ ජීවිත ප්‍රීතිමත් කර ඵලදායිතාවය වැඩිකිරීම සඳහා නව නීති හඳුන්වාදීමේ මුලික අරමුණ වු බව මානව සම්පත් සහ එමිරෙට්ස්කරණ අමාත්‍ය, කසීර් අල්-තානී අල්-හම්ලි ප්‍රකාශ කළේ ය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, අබුඩාබි නුවර)

RECOMMEND POSTS