පවුලේ 21කට කොරෝනා බෝ කරලා



පවුලේ සාමාජිකයන් 21 දෙනෙක්ට කොරෝනා වෛරසය ආසාදනය කිරීම සම්බන්ධයෙන් සෞදි කාන්තාවකට චෝදන එල්ල කර ඇති බව වාර්තා වේ.

සෞඛ්‍ය අමාත්‍යාංශ්‍ය නිකුත් කර ඇති සෞඛ්‍ය උපදෙස් පිළිපැදීමට අපොහොසත් වී ඇති බවත්, කාන්තාවගේ සමහරක් අය වැඩිහිටියන් බව සෞදි සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කළේය.

කොරෝනා වෛරසය පවුලේ සාමාජිකයන්ට ආසාදනය වී ඇති ආකාරය පිළිබඳ තොරතුරු අමාත්‍යාංශ්‍ය නිකුත් කර ඇත.

කොරෝනා සීමාවන් ලිහිල් කර තිබුණත්, සමාජ දුරස්ථභාවය පවත්වා ගෙන යෑම, මුහුණු ආවරණ පැළඳීම, ස්පර්ශ කර ආචාර කිරීමෙන් වැළකීම සහ රැස්වීම් වලට සහභාගි නොවීම යන කරුණු කෙරෙහි සැලකිළිමත් වන ලෙසසෞඛ්‍ය අමාත්‍යාංශයජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, රියාද් නුවර)

RECOMMEND POSTS