පලස්තීනුවෝ දෙකක් මරුට



ගාසා තීරයෙන් ඊශ්‍රායලයට ඇතුළුවීමට උත්සාහ කළ පලස්තීන වැසියන් දෙදෙනකු ජීවිතක්ෂයට පත්වූ බව ඊශ්‍රායල හමුදා සහ පලස්තීන වෛද්‍ය ආරංචි මාර්ග ඉරිදා (6) ප්‍රකාශ කළහ.

මේ සිදුවීමත් සමඟ දේශසීමාවේ ප්‍රචණ්ඩ ක්‍රියා තවදුරටත් උත්සන්න වී තිබේ.

“ගාසා තීරයෙන් ඊශ්‍රායලයට ඇතුළුවීමට උත්සාහ කළ තිදෙනකුට අපි වෙඩි තැබුවා. ඔවුන් ආරක්ෂාව සඳහා යොදා තිබූ ඒවාට ද හානි කළා” යැයි ඊශ්‍රායල ආරක්ෂක සඳහන් කළේය. එම වෙඩි තැබීමෙන් පලස්තීන ජාතිකයෝ දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ.

ගාසා සෞඛ්‍ය අමාත්‍යාංශය මෙම මරණ තහවුරු කළේය. වෙඩි වැදීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ අබ්දෙල් රහ්මාන් (23) සහ මොහොමෙද් අබු රයිදා (20) යන දෙදෙනාය.

සති කිහිපයක සිට පවතින මෙම ගැටුම්වලින් සියයකට වැඩි පිරිසක් තුවාල ලබා සිටිති. ඔවුන්ගෙන් බොහෝ දෙනා වෙඩි ප්‍රහාරවලට ලක්වූවෝ වෙති.

ඒ.එෆ්.පී


RECOMMEND POSTS