පලස්තීනුවෝ උපවාසයේ



චෝදනා ඉදිරිපත් කිරීම්වලින් හෝ නඩු විභාගවලින් හෝ තොරව ඊශ්‍රායල බන්ධනාගාරවල දුක් විඳින පලස්තීනුවන් වෙනුවෙන් ගාසා තීරයේ පලස්තීනුවන් වෙනුවෙන් පෙනී සිටින ‘ඉස්ලාමික් ජිහාද්’ සංවිධානය උපවාසයක් ආරම්භ කර ඇතැයි ඉරානයේ ප්‍රෙස් ටීවී පුවත් සේවය වාර්තා කරයි.

‘ඉස්ලාමික් ජිහාද්’ සංවිධානයේ ක්‍රියාකාරීන් සහ එහි නායකයන් 500 කට වැඩි පිරිසක් පැය 24 ක් තිස්සේ උපවාසයේ නියැලී සිටින බව ද වාර්තා වේ.

මේ අතර බටහිර ඉවුරේ පලස්තීනුවන් ද පවසා ඇත්තේ ඊශ්‍රායල අත්අඩංගුවේ සිටින තම හිතවාදීන් වෙනුවෙන් තමන් ද උපවාසයට එක්වීමට කටයුතු කරන බවය.

(ප්‍රෙස් ටීවී)

 


RECOMMEND POSTS