පලස්තීනුවන්ට වෙඩි



පලස්තීන වැසියන්ගේ විරෝධතාවකට ඊශ්‍රායල ආරක්ෂක අංශ එල්ල කළ ප්‍රහාරයකින් 27 දෙනකු මියගොස් තවත් පන්සියයකට ආසන්න පිරිසක් තුවාල ලබා ඇතැයි මැදපෙරදිග පුවත් සේවා වාර්තා කරයි.

පැවැති මෙම විරෝධතාව, වසර ගණනාවකට පසු ඊශ්‍රායල-ගාසා දේශ සීමාවේ පලස්තීන වැසියන් බොහෝ පිරිසක් එක්වුණු විශාලතම විරෝධතාව යැයි ද මාධ්‍ය විසින් පෙන්වා දෙනු ලැබ ඇත.

ඊශ්‍රායල ආරක්ෂක අංශ එල්ල කළ වෙඩි තැබීම්වලින් මියගිය පිරිස අතර සිටින බොහෝ දෙනා අවුරුදු 16 ත් 27 ත් අතර තරුණයන් බව ද පැවැසෙයි.

විරෝධතාවට එක්වුණු පිරිස් විසුරුවා හැරීමට තම සෙබළුන් කටයුතු කළ බවත් ඇතැම් විරෝධතාකරුවන් ගිනිගන්නා ටයර් සහ ඇවිළෙන ගල්වලින ආරක්ෂක අංශ වෙත ප්‍රහාර එල්ල කරමින් ප්‍රචණ්ඩකාරීව හැසිරුණු හෙයින් වෙඩි තැබීමට සිදුවුණු බවත් ඊශ්‍රායල ආරක්ෂක අංශ පසුව සඳහන් කළේය.

කඳුළු ගෑස් ප්‍රහාර හා රබර් උණ්ඩ ප්‍රහාර එල්ල නොකර විරෝධතාකරුවන් අමු අමුවේ මරා දැමීම සම්බන්ධයෙන් ජාත්‍යන්තරයෙන් ඊශ්‍රායලයට දැඩි විරෝධයක් එල්ල වෙමින් පවතින බව ද වාර්තා වේ.

හර්ෂණ තුෂාර සිල්වා
(රොයිටර්)

 


RECOMMEND POSTS