පලස්තීනුවන්ට වන්දි ගෙවීම පැහැර හැරලා



පලස්තීන වැසියන්ට වන්දි මුදල් ගෙවීම පැහැර හරිමින් ඊශ්‍රායලය ජාත්‍යන්තර නීතිය කඩකර බීට්සෙලාම් මානව හිමිකම් සංවිධානය චෝදනා කරයි.

ඊශ්‍රායාල හමුදාව එල්ල කරන ප්‍රහාරවලින් මියයන, තුවාල ලබන හෝ ආබාධවලට ලක්වන හෝ පලස්තීන වැසියන්ට වන්දි ගෙවීමට ඊශ්‍රායලය බැඳී සිටියි. ඊශ්‍රායල සිවිල් අධිකරණ ඔස්සේ දහස් ගණන් පලස්තීන වැසියන්ට වන්දි ගෙවීම පැහැර හරිමින් ජාත්‍යන්තර නීති උල්ලංඝනය කර ඇතැයි බීට්සෙලාම් මානව හිමිකම් සංවිධානය පෙන්වා දී ඇත.

මේ සම්බන්ධයෙන් වාර්තාවක් ඉදිරිපත් කරන බීට්සෙලාම් සංවිධානය පසුගිය වසර 15ක කාලයේදී වන්දි ගෙවීම් පැහැර හරිමින් කටයුතු කර ඇතැයි ද පෙන්වා දී ඇත. ඊශ්‍රායල හමුදා අපරාධ කරමින් පලස්තීන වැසියන්ට පහරදීම් සහ කොල්ලකෑම් ද සිදු කර ඇතැයි පෙන්වා දී තිබේ.

කෙසේ වෙතත් බීට්සෙලාම් වාර්තාවෙන් යුද්ධය කාලයේ දේපළවලට සිදු වූ හානිය, මරණ සහ තුවාල ලැබීම්වල ඊශ්‍රායලය සතු වගකීම සම්බන්ධයෙන් කරුණු දක්වා නොමැත. ජාත්‍යන්තර නීතියට අනුව

අල් ජසීරා


RECOMMEND POSTS