පලස්තීනුවන්ට ඇමෙරිකාවෙන් සාධාරණයක් නැහැ



ඊශ්‍රායල පලස්තීන අර්බුදය විසඳීමට ඇමෙරිකාව සකස් කර ඇති ‘සාම යෝජනාවලිය’ හරහා පලස්තීනුවන්ට කිසිදු සාධාරණයක් අත්නොවන බව ඇමෙරිකාවේ වොෂින්ටන් පෝස්ට් පුවත්පත පෙන්වා දෙයි.

ට්‍රම්ප් පරිපාලනය සකස් කළ එම ‘සාම යෝජනාව’ මගින් පලස්තීනුවන් වෙනුවෙන් වෙනම රාජ්‍යයක් නිර්මානය වන්නේ හෝ පලස්තීන ජනයාගේ ස්වෛරීත්වය සුරැකෙන්නේ නැති බව වොෂින්ටන් පෝස්ට් පුවත් පත සඳහන් කරයි.

සාම යෝජනාව සකසා ඇත්තේ ජනාධිපති ට්‍රම්ප්ගේ බෑණා මෙන්ම, ට්‍රම්ප්ගේ උපදේශකවරයකු ලෙස ද කටයුතු කරන ජෙරාඞ් කුෂ්නර්ය.

(අල් ජසීරා)

 


RECOMMEND POSTS