පලස්තීනුවන්ගේ විරෝධය



ඊශ්‍රායල පලස්තීන අර්බුදය විසඳීමට ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් විසින් යෝජනා කරන නව ද්වී රාජ්‍ය සැලැස්ම තමන් පිළිනොගන්නා බව පලස්තීනුවෝ තරයේ කියා සිටිති.

පලස්තීනුවන් පෙන්වා දී ඇත්තේ ඇමෙරිකා ජනාධිපතිගේ ප්‍රතිපත්ති ඊශ්‍රායල පලස්තීන සාමයට නොව, පවතින අර්බුදය තව තවත් උත්සන්න කිරීමට හේතුවක් වනු ඇති බවය.

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසියට සමගාමීව ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් සහ ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙදන්යාහු අතරේ විශේෂ හමුවක් පැවැත්විණි. එහිදී ඊශ්‍රායල පලස්තීන අර්බුදය සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරුණි.

(ප්‍රෙස් ටීවී)

 


RECOMMEND POSTS