පලස්තීනුවන් මැරුවාට අගමැතිගෙන් ප්‍රසංශා



පලස්තීනුවන්ගේ විරෝධතා රැලියට වෙඩි තබමින් පලස්තීන විරෝධතාකරුවන් 17 දෙනකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙදන්යාහු ඊශ්‍රායල හමුදාවට සුබපතා ඇතැයි ඉරානයේ ප්‍රෙස් ටීවී පුවත් වෙබ් අඩවිය වාර්තා කරයි.

ඊශ්‍රායල අගමැතිවරයා ඊශ්‍රායල හමුදාවට සුබපතා ඇත්තේ ට්විටර් පණිවුඩයක් හරහාය. විරෝධතා මැඬලීමට පියවරගත් ආකාරය ඉතා සතුටුදායක බවය. ඊශ්‍රායලයේ ආරක්ෂාව වෙනුවෙන් එසේ කටයුතු කිරීම තමන්ට ආඩම්බරයක් බව ද අගමැතිවරයා ට්විටර් ගිණුම ඔස්සේ පෙන්වා දී ඇත.

පලස්තීනුවන් පසුගිය සිකුරාදා දිනයේ විරෝධතාවල නියැලුණේ ඔවුන්ගේ ‘භූමි දිනය’ සමරමිණි.

කලහකාරීව හැසිරුණු පලස්තීනුවන්ට වෙඩි තැබීමට ඊශ්‍රායල හමුදාව පියවර ගත්තේය. ඊශ්‍රායල හමුදා ප්‍රහාරවලින් පලස්තීනුවෝ 70 දෙනක් තුවාල ලැබූහ. විරෝධතා හටගත්තේ ගාසා තීරයේ ඊශ්‍රායල පලස්තීන දේශසීමාවේය.

පලස්තීන විරෝධතාකරුවන් අමු අමුවේ මරා දැමීමට කටයුතු කළේ යැයි ජාත්‍යන්තරයෙන් ඊශ්‍රායල අගමැතිවරයාටත්, ඊශ්‍රායල රජයටත් දැඩි විරෝධයක් එල්ල වෙමින් පවතී.

(ප්‍රෙස් ටීවී)


RECOMMEND POSTS