පලස්තීනය විවේචනය කළ පලස්තීන නවකතාකරුට වරෙන්තුවක් !



ලිංගික ක්‍රමවේද ඇතුළත් ග්‍රන්ථයක් ලියා පළ කිරීමේ චෝදනාවට පලස්තීන තරුණ නවකතාකරුවෙකු අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුවක් පලස්තීන අධිකාරිය විසින් නිකුත් කර ඇතැයි වාර්තාවේ.

මෙලෙස අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුවක් නිකුත් කර ඇත්තේ පලස්තීන ජාතික නවකතාකරුවෙකු වන අබ්බාද් යහියා නැමැති 29 හැවිරිදි තරුණයෙකි.ඔහු විසින් ලියා ඇති ග්‍රන්ථය වන්නේ CRIME IN RAMALLAH ය.මෙහි පලස්තීන අධිකාරිය තුළ වෙසෙන වැසියන් ගේ විවිධ ලිංගික රුචිකත්වයන් , ආගමික අන්තවාදයන් හා සමලිංගිකත්ය අළලා ලියූ කෘතියකි.

මෙම පලස්තීන ජාතික තරුණ නවකතාකරු  ලියූ ග්‍රන්ථ පිටපත් විනාශ කොට ඔහුව අත්ඩංගුවට ගැනීමේ සූදානමක් පවතින බවට ඔහුට තොරතුරැ ලැබීමත් සමඟ ඔහු මේවන විට කටාර්යේ දෝහා නුවර  අතරමං වී ඇතැයි ද වාර්තාවේ.‘‘මම ආයෙත් පලස්තීනයට ගියොත් මට මොකක් වෙයිද කියලා හිතන්වත් බැහැ.අනිවාර්යයෙන් මට හිරේ විලංගුවේ වැටෙන්නට වේවි.නමුත් මට බැහැ පවුලේ අයගෙන් ,ගෙදරින් ඈත් වෙලා ඉන්නා යැයි ද යහියා ඇසෝසියේටඩ් ප්‍රෙස් පුවත්සේවය වෙත අදහස් දක්වමින් කියා සිටියේය.

තොරතුරු විකෘති කර ග්‍රන්ථයක් ලියා පළ කළ මෙම පලස්තීන නවකතාකරු අත්අඩංගුවට  ගැනීමට වරෙන්තුවක් නිකුත් කළ බව පළමු වරට නිවේදනයක කළේ පලස්තීන් ජාතික අධිකාරියේ ප්‍රවෘත්ති ඒජන්සියයි..

 

( තිළිණි ද සිල්වා )

ගල්ෆ් නිව්ස් ඇසුරෙනි.....


RECOMMEND POSTS