පලස්තීන සිරකරුවන්ගේ සහායට දකුණු අප්‍රිකා උප ජනපති



ඊශ්‍රායල කඳවුරු වල රඳවා සිටින පලස්තීන ජාතිකියින් අරඹා තිබෙන මාරාන්තික උපවාස ක්‍රියාමාර්ගයට සහාය දක්වමින් දකුණූ අප්‍රිකානු උප ජනාධිපති සිරිල් රැම්පෝසා පැය විසිහතරක  ආහාර වර්ජනයක් ආරම්භ කර තිබේ.

ඊශ්‍රාල් බන්ධනාගාර තුළ රදවා සිටින පලස්තීන දේශපාලන සිරකරුවන්ට එල්ල වි ඇති පීඩාකාරි තත්ත්වයන් පිළිබඳ ජාත්‍යන්තර අවධානය යොමු කිරීම මෙහි අරමුණ බව  දකුණු අප්‍රිකා රජයේ නියෝජිතයෝ සඳහන් කර සිටිති.

පලස්තීන ජාතිකයින් 1600ක් පමණ ඊශ්‍රාල බන්ධනාගාරවල රඳවා සිටින අතර ඔවුන්ගෙන් පිරිසක්ද උපවාසයක නිරතව සිටියි.

තිළිණි ද සිල්වා
(බී.බී.සී. ඇසුරිනි)


RECOMMEND POSTS