පලස්තීන සිරකරුවන්ගේ සහයට සිසුන් උපවාසයක



ඊශ්‍රායල සිරකඳවුරු තුලදී පලස්තීන සිරකරුවන්ට සිදුවන මානව හිමිකම් උල්ලංඝනයන් පිළිබදව දැණුවත් කිරීම සදහා මැන්චෙස්ටර් විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය කණ්ඩායමක් පලස්තීන සිරකරුවන්ට සහය දක්වමින් උපවාසයක් ආරම්භ කර ඇති බව ප්‍රෙස්ටීවි වෙබ් අඩවිය වාර්තා කාළේය.

ආරම්භ කරන ලද උපවාසය සතියක පමණ කාලයක් පවත්වා ගෙන යෑමට සිසුන් බලාපොරොත්තු වන අතර මේ වන විටඋපවාසය සඳහා සිසුන් පස් දෙනෙකු සහභාගි වී ඇත.

ඊශ්‍රායල සිරකඳවුරු පවතින කටුකත්වය පෙන්වීම සදහා පලස්තීන සිරකරුවන් 1,500ක ගෙන් යුත් කණ්ඩායමක් ආහාර වර්ජනය කරමින් සති දෙකක පමණ කාලයක් තිස්සේ මහා උපවාසයක් ආරම්භ කර ඇති අතර එම උපවාසයට සහයෝගය දැක්වීමක් වශයෙන් සිසුන් මෙම උපවාසය ආරම්භ කළේය.

ඊශ්‍රායල සිරගෙවල් තුලදී පලස්තීන සිරකරුවන්ට විවිධ පහරදීම් සහ වධ බන්ධනයක්ට ලක්වීමට සිදුවී ඇති බවට පලස්තීන සිරකරුවන් චෝදනා කරයි.

මේ වන විට පලස්තීන සිරකරුවන් 6,500කට අධික සංඛ්‍යාවක් ඊශ්‍රායල සිරකඳවුරු වල සිටින බව ඇඩමියර් නැමති අයිතිවාසිකම් සංවිධානය පෙන්වා දෙයි. 

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ප්‍රෙස් ටීවී)


RECOMMEND POSTS