පලස්තීන සරණාගතයන්ට කෑම නැතිවේවි



ලබන ජූනි මාසය අවසන් වනවිට ගාසා තීරයේ සිටින පලස්තීන සරණාගතයන්ට ප්‍රමාණවත් පරිදි ආහාර සැපයීමට නොහැකි වනු ඇතැයි පලස්තීන සරණාගතයන් සඳහා වූ එක්සත් ජාතීන්ගේ ආයතනය අනතුරු අඟවයි.

ඇමෙරිකා එක්සත් ජනපදය ඔවුන් ලබාදෙන අරමුදල් කපා හැරීම නිසා මෙම තත්ත්වය ඇති වී ඇතැයි පලස්තීන සරණාගතයන්ට සහන සැලසීම වෙනුවෙන් පත් කරන තිබෙන එක්සත් ජාතීන්ගේ ආයතනයේ ප්‍රධානී පියේ කර්හෙන්බූල් එලෙස අනතුරු ඇඟවීය.

“එක්සත් ජනපදය පලස්තීන සරණාගතයන්ට සහන සැලසීම වෙනුවෙන් පත් කරන තිබෙන එක්සත් ජාතීන්ගේ ආයතනයට ලබාදෙන මිලියන ගණන් අරමුදල් කපා හැර තිබෙනවා. මේ වනවිට අපට ප්‍රමාණවත් මුදල් නැහැ. මේ වසරේ ඉදිරි කාලයේදී ගාසා තීරයේ සිටි පලස්තීන සරණාගතයන්ට ආහාර සැපයීමට නොහැකි වේවි. අපට ඒ ගැන සහතික වෙන්න බැහැ. මේ හේතු නිසා ගාසා තීරයේ පලස්තීන සරණාගතයෝ කෝපයට පත්ව සිටින්නේ. මානුෂීය තත්ත්වය පිරිහෙමින් තිබෙනවා. එය ඊශ්‍රායලය සමඟ අර්බුදයක් ඇතිවීමට හේතුවක් වේවි” යැයි පියේ කර්හෙන්බූල් තවදුරටත් කීය.

හර්ෂණ තුෂාර සිල්වා

අල් ජසීරා


RECOMMEND POSTS